පාදුවා හි සාන්ත අන්තෝනි මුනිඳුන් හඳුන්වන විරුදාවලි...

ශුද්ධ වූ සභාව තුළ දේව මාතාවන්ට පමණක් දෙවැනි වන විරුදාවලි සංඛ්‍යාවක් හිමි පාදුවා හි සාන්ත අන්තෝනි මුනිඳුන් හඳුන්වනු ලබන්නා වූ විරුදාවලි අතුරින් කිහිපයක් මෙසේය...

* ලිස්බනයේ සාන්ත අන්තෝනි මුනිතුමා
* ප්‍රාතිහාර්යයේ මුනිතුමා
* නැතිවූ දේවල් සොයා දෙන්නා
* දිළිඳුන්ගේ ආරක්ෂකයා 
* කතෝලික සසුනේ වෛද්‍යවරයා 
* සතුන්ගේ රැකවල් කරුවා
* වේද භේදකාරයන් තලන මිටිය
* නාවිකයන්ගේ සාන්තුවරයා 
* දරුවන්ගේ සාන්තුවරයා 
* ගර්භණී මාතාවන්ගේ සාන්තුවරයා 
* දිව්‍ය සත්ප්‍රසාද භක්තියේ මුනිවරයා 
* පීඩිතයන්ගේ රැකවලා
* බයිබලයේ මිණි කැටය
* මන්ද පෝෂිතයන්ගේ රැකවලා
* ධීවරයන්ගේ ආරක්ෂකයා

පාදුවා වේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුනි, අප නිසා යාච්ඤා කළ මැනව.

#StAnthonyofPadua #Prayforus
#Saintoftheday #RVASinhala

'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!