'ව්‍යංගී' භාවාත්මක ගීතයක විවරණය - "අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක"

'ව්‍යංගී' භාවාත්මක ගීතයක විවරණය - "අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක"
ගීතයක් යනු මිනිත්තු තුන හතරක් පමණ වූ කෙටි කාලයක් තුළදී ජීවිත යතාර්ථය පිළිබිඹු කළ හැකි
ප්‍රබල සන්නිවේදන මෙවලමක් බව මනාව විද්‍යමාන වෙයි. පද පේලි 12කින් සර්වකාලීන සංකීර්ණ
ජීවන යථාර්ථයක් රූපණය කළ හැකිද යන්න මවිතයක් බවට පත්කරමින් රසික ඩී.දුමින්දයන් මේ
සඳහා මිනි කුරු අමුණා ඇත. කලාවේදී මෙන්ම පුද්ගලික ජීවිතය තුළ ද සංවේදී ප්‍රේමනීය මිනිසෙක් වන
විශාරද දර්ශන වික්‍රමතුංගයන්ගේ භාවාතිශය සත්සරය ද අනභිභවනීය වේ. මේ සියල්ලගේ ම
අවසන් ඵලය වනුයේ ක්‍රිෂාන්ත එරන්දක සුභාවිත හඬ පෞරුෂය තුළින් මානව හදවත් හැඩ විය හැකි
"අවසන් හුස්ම" ගීතය බිහි වීමයි.
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න
මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම
පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය
#SinhalaSongs #Sri Lanka #RVASinhala #VeritasNews
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!