පාස්කු ප්‍රහාරයට සත් වසරකි දැන්.

පාස්කුව කිතුනුවන්ට එතෙර වීමකි, උත්ථානයකි, ජයග්‍රහණයකි, මංගල්‍යයකි. 
එහෙත් 2019 වසරේ පාස්කු ඉරිදින අප්‍රේල් 21 වැනි ඉරුදින ශ්‍රී ලාංකික කිතුනුවන්ට අතිකම්පිත දුක්බර අඳුරු දිනයක් වූවා.
ඒ දෙව් මැදුරු තුළ දෙවිඳුන් යදිමින් පුදමින් සිටි අහිංසක ජනතාව ඉලක්ක කරන්න එල්ල වූ කෲර ම්ලේච්ඡ මරාගෙන මැරෙන ‍ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙනි.
ඒ වගේම විවිධ වූ ස්ථානයන් ඉලක්ක කර ගෙන එවැනිම වූ ම්ලේච්ඡ ප්‍රහාරයන් එල්ල වූවා.
මෙම ප්‍රහාරයන්ගෙන් 267 දෙනෙකුට දිවි අහිමි වූ අතර අති විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා, සදාකාලික අබ්බගාතයින් බවට පත් වූවා.
වේදනාවන් මතකයන් කඳුළු පමණක් ඉතිරි කර කාලය ගෙවී ගොස් සත් වසරකි දැන්. මේ සිහිකිරීම් යැදීම් පිදීම් ඒ වෙනුවෙනි.