ලෝක පරිසර දිනය 2025.06.05 තේමාව; "ප්ලාස්ටික් භාවිතය දුරලමු!" - "දලුලන්න - ඉඩදෙන්න"

ලෝක පරිසර දිනය 2025.06.05
තේමාව; "ප්ලාස්ටික් භාවිතය දුරලමු!" - "දලුලන්න - ඉඩදෙන්න"

පරිසර දිනය නිමිති කරගෙන ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල විකල්ප මාර්ගය ( BY PASS) අවට  රුක් රෝපණ වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණා
 මහාමාර්ග අමාත්‍යංශයට අයත්
මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ද , අමාත්‍යංශ නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදුන් බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ මාර්ග දෙපස පැළ දහසක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය මෙය බවයි.
ඊයේ මෙරටට රැගෙන ආ ශ්‍රී ලංකන් නව ගුවන්යානය පිළිබඳව,කොත්මලේ ගැරඬිඇල්ල බස් අනතුරේ පරීක්ෂණ වාර්තා පිළිබඳව ද අදහස් දැක්වූවා.
ඉදිරි මාස කිහිපය තුළ කඩවත මීරිගම අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව ද අදහස් දක්වනවා.

බත්තරමුල්ල විකල්ප මාර්ගයේ වැඩ අවසන් කිරීම පිළිබඳව මෙන්ම ඔරුගොඩවත්ත අතුරුගිරිය අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් පිළිබඳවද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරණියක් අදහස් දක්වනවා

# WorldEnvironmentDay #Nature #Birds #SriLanka  #RVASinhala
'RVASinhala' face book,Instagram,Twitter පිටුව like කරන්න,comment කරන්න,share කරන්න,YouTube චැනලය Subscribe කරන්න.ස්තූතියි...!