අති ගරු ශමින්ද්‍ර ජයවර්ධන සා.බෙ.නි. ශ්‍රේෂ්ඨ මඨාධිපතිතුමන්

අති ගරු ශමින්ද්‍ර ජයවර්ධන සා.බෙ.නි. ශ්‍රේෂ්ඨ මඨාධිපතිතුමන්
Very Rev. Fr. Shamindra Jayawardena O.S.B., Abbot General of the Sylvestro- Benedictine Congregation
2025 මැයි මස 28 දින වන අද දින ශ්‍රී ලංකාවේ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන පියවරුන්ට ඉතා වැදගත් මෙන්ම ඓතිහාසික දිනයක් බවට පත්විය. ඒ මන්දයත් සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායේ ශ්‍රේෂ්ඨ මඨාධිපතිතුමන් ලෙස (Abbot General) අති ගරු. ශමින්ද්‍ර ජයවර්ධන සා.බෙ.නි. පියතුමන් ඡන්දයෙන්  තෝරා පත් කර ගැනීම හේතු කොට ගෙනය. 1972 වර්ෂයේ ජනවාරි මස 13 වන දින උපත ලැබූ මෙතුමා 1992 වර්ෂයේ අගෝස්තු මස 15 දින සා.බෙ.නි. පැවිදි නිකායේ පළමු තාපස වේද භාර ලබා ගත් අතර 1998 වර්ෂයේ අගෝස්තු මස 15 වන දින සදාකාලික වේද භාර ලබා දුන්නේය. ඉන් අනතුරුව 2000 වසරේ දෙසැම්බර් 21 වන දින පූජාත්වරය සක්‍රමේන්තුව ලබා ගන්න ලදි. 2013 වසරේ  නොවැම්බර් මස 21 දින ශ්‍රී ලංකා ප්‍රාදේශිකයේ ප්‍රාදේශාධිපති පියතුමා ලෙස තේරී පත්වන මෙතුමන් නැවත 2019 වසරේ දී දෙවන වතාවට ද එම තනතුර සඳහා තේරී පත්විය. 2025 මැයි මස 15 වන දින ආරම්භ වූ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායේ මහා සමුළුවේ ඡන්දයෙන් අද දින (මැයි 28) මෙතුමා මෙම ශ්‍රේෂ්ඨ මඨාධිපති තනතුර සඳහා තෝරා පත් කරගනු ලැබිණි. මෙම සමුළුවේ  විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉතාලියෙන් පිටත මහා සමුළුවක් පැවැත්වෙන අවස්තාව ලෙසය. එමෙන්ම නිකායේ පැවැත්ම අස්ථාවර වූ කාල වකවානුවක (1845) ශ්‍රී ලංකාවට පැමිණෙන සිල්වෙස්ත්‍රින පියවරුන් ශ්‍රී  ලංකාවේ ආරම්භ කළ එම කුඩා දහම් දූත මධ්‍යස්ථානයෙන් නිකායට බිහිවන පළමු ශ්‍රී ලාංකික ශ්‍රේෂ්ඨ මඨාධිපතිතුමන් වන්නේ ගරු ශමින්ද්‍ර පියතුමා වන අතර ආසියාවෙන් පත්වූ දෙවන ශ්‍රේෂ්ඨ මඨාධිපතිතුමා ලෙස සහ සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකායේ නිර්මාතෘවරයාගේ 119 වන අනුප්‍රාප්තිකයා ලෙස මෙතුමා ඉතිහාසයට එක් වනු ඇත. එතුමන් වෙනුවෙන් අපගේ සුභාශිංසන එකතු කරන අතරම එතුමන්ගේ දූත මෙහෙවර වෙනුවෙන් නිරතුරු දෙවිදුන් යදිමු.
#OSB #AbbotGeneral #RVASinhala
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!