හෙළ ප්‍රේක්ෂකාගාරය කුසලතාව තුළින් සිනමාත්මක - චමත්කාරජනක ලොවකට රැගෙන ගිය සෙනෙහෙලතාවෙණි සුබ ගමන්...

අභාවප්‍රාප්ත සිංහල සිනමාවේ නිළි රැජින, මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය 25 වන ඉරිදා දින පෙරවරු 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ දී මහජන ගෞරවය වෙනුවෙන් විවෘත වන අතර අවසන් කටයුතු 26 වන සඳුදා, සවස නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි.

හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි පසුවුණා.
1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට වී තිබුණා.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියා. 1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, OCIC (SIGNIS), සුමති වැනි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ වැනි විත්‍රපට මාලනී ෆොන්සේකා මහත්මියගේ රංගන කුසලතාව ප්‍රකට කළ විශිෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙනවා.
හෙළ ප්‍රේක්ෂකාගාරය කුසලතාව තුළින් සිනමාත්මක - චමත්කාරජනක ලොවකට රැගෙන ගිය සෙනෙහෙලතාවෙණි සුබ ගමන් ..
සෞන්දර්‍යයේ සෛද්ධාන්තික මානයන්කරා ගොස් චිත්‍රපටලෝලි හදවත් හි නොමැකෙන සිහිවටන තැබූ නිළි රැජිණියනි, උතුම් වූ නිවනින් නිවී සැනැසෙනු මැනවි!

#RIP #MalaniFonseka
 #RVASinhala 

'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!